වික්ටෝරියා බටහිර රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකුට බරපතල තුවාල

වික්ටෝරියා බටහිර Winslow හිදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

Harry Goods Road හි ගමන් ගත් sedan වර්ගයේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.

රියදුරු අසුනේ සිටි පුද්ගලයා ගලවා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සහන කණ්ඩායම් කියයි.

ඔහු මේ වනවිට Alfred රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය දෙදෙනාගේ අනන්‍යතාවය මේ දක්වා හෙළි කරගෙන නොමැත.

 

Pic – File Photo

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »