Search

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇස්ට්‍රා-සෙනෙකා ගන්න ලියාපදිංචි වු අයටත් ෆයිසර් හිමිවන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයට Pfizer එන්නත් මාත්‍රා 25,000 ලැබුණු නිසා දැනටමත් AstraZeneca එන්නත ලබාගැනීමට ලියා පදිංචි වී සිටින වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින්ට නිරායාසයෙන්ම Pfizer එන්නත හිමිවන බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID Commander ලෙස කටයුතු කරන Jeroen Weimar පැවසීය.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 80 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් 41 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ACT හි නව ආසාදිතයින් 14 ක් වාර්තා වී ඇති අතර මේ වන විට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව 190 දක්වා ඉහළ ගොස් තිබේ.

Lockdown කිරීමෙන් බලපෑමට ලක් වූ කැන්බරා ව්‍යාපාරවලට ආර්ථික සහන දීමනා ලබාදේ.

ඒ අනුව සේවකයින් සිටින සමාගම් සඳහා ඩොලර් 10,000 දක්වා වූ මුදල් ප්‍රදානයක්ද සේවකයින් නොමැති ව්‍යාපාර සඳහා ඩොලර් 4,000 ක් දක්වා වූ මුදල් ප්‍රදානයක්ද ලබාදෙයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »