“වික්ටෝරියා ආසාධිතයන් ඉහළයාමට හේතුව තරුණ ප්‍රජාවගේ නොසැළකිලිමත් කමයි” : ප්‍රාන්ත අගමැති

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් ගණන ඉහළයාමට තරුණ ප්‍රජාවගේ නොසැළකිලිමත් කටයුතු හේතුවී ඇති බවට ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් චෝදනා කර සිටී.

කිසියම් අයෙකු කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වූ විට කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමුවීමට දීර්ඝ කාලයක් ගැනීම ඊට ප්‍රධාන හේතුව බවටයි අගමැතිවරයා චෝදනා කරන්නේ.

ඩැනියල් ඇන්ඩෲස් මේ බව පැවසුවේ ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් ආසාධිතයන් 80 ක් වාර්තාවීම පිළිබඳ අදහස් දක්වමිනුයි.

මේ අතරින් සැළකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණයකට යොමුවීමට පෙර සමාජය තුළ සැරිසරා ඇති බවටයි අගමැතිවරයා චෝදනා කරන්නේ.

මේ අතර ලබන 02 වනදා තෙක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ බලාත්මක Lockdown තත්වය ඉවත් කරන්නේද දීර්ඝ කරන්නේද යන්න පැවසීමට තවමත් කල් වැඩි බවද අගමැතිවරයා පැවසීය.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් මෙසේයි :

  • 20 are associated with the Shepparton and Royal Melbourne Hospital. None were fully in quarantine
  • 25 are associated with the wider Broadmeadows outbreak and earlier cases around Al-Taqwa College and CS Square. Some are day 13 tests. All were isolating
  • Two cases are associated with the St Kilda East outbreak and were in quarantine
  • Nine are associated with Altona North and Newport. They were in quarantine the entire time
  • Nine are household primary close contacts of new cases identified in recent days. Their quarantine status is unknown
  • 13 cases are under investigation. Their quarantine status is unknown

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »