සැප්තැම්බර් 21 සිට නව ඔස්ට්‍රේලියා කෘෂිකාර්මික වීසා බලපත්‍රයක්

එළඹෙන සැප්තැම්බර් 21 සිට නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගොවි, ධීවර හා වන ක්ෂේත්‍රයන්හි ඇති වූ ශ්‍රම හිඟය පියවීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම නව කෘෂිකාර්මික වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු ශ්‍රමිකයින් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ වන විට 30,000 ක පමණ ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.

මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ශ්‍රමය සඳහා වූ විශාලතම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය බව ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud පැවසීය.

Source : abc.net.au/news/2021-08-23/new-working-visa-for-farms-begins-next-month-permanent-residence/100398052

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »