
Royal Melbourne රෝහල තුළ කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ.
එහි සිටි රෝගීන් – කාර්ය මණ්ඩලය සහ සුවදුක් බැලීමට පැමිණි පුද්ගලයන් 07 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන ඇත.
දින 10 කට පෙර සැත්කමක් කරගැනීම සඳහා පැමිණි Shepparton පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත බව පසුව අනාවරණය වූ නමුත් සැත්කමට පෙර සිදුකල පරීක්ෂණයේදී එලෙස අනාවරණය නොවීය.

මෙම පොකුරේ තවත් ආසාධිතයන් ඉදිරියේදී හමුවිය හැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
පෙරේදා (21) වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් 65 දෙනා අතුරින් 21 දෙනෙකු Shepparton ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
