Search

Breaking: මෙල්බර්න් Lockdown සීමා තවත් දැඩි කරයි – අවන්හල් රෙගුලාසි අඛණ්ඩව

කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග මෙල්බර්න් නගරය තුළ ක්‍රියාත්මක Lockdown සීමා තවත් දැඩි කර තිබේ.

ඒ අනුව Regional වික්ටෝරියා කලාපයද අද පස්වරු 01 සිට මෙල්බර්න් නාගරික කලාපය හා සමානව Lockdown තත්වයකට පත් කර ඇත.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේ Childcare මධ්‍යස්ථාන සඳහා විශේෂ බලපත් ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බවයි.

මෙල්බර්න් හි අධි අවධානම් රැකියා ක්ෂේත්‍ර සියයට 100 ක ධාරිතාවයෙන් කටුයතු කිරීමට අවස්ථාව හිමිවන්නේද නැහැ.

මාංශ සකස් කරන කම්හල් හා බෙදා හැරීම් මධ්‍යස්ථාන ද ඒ අතර වනවා.

අවන්හල් සම්බන්ධයෙන් දැනට පවතින රෙගුලාසි අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘතව පවත්වාගෙන යා හැකියි.

අවන්හල් වල Take Away ක්‍රමයට පමණක් ආහාර රැගෙන යා හැකි වනවා.

අවන්හල් තුළ අසුන්ගෙන ආහාර ගැනීමට අවසර ලැබෙන්නේද නැහැ.

මුව ආවරණ ඉවත් කල හැකි වනුයේ ආහාර ගැනීමට සහ ඇල්කොහොල් නොවන දියර පානය සඳහා පමණි.

එනම් මත්පැන් පානය සඳහා මුව ආවරණ ඉවත් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

වික්ටෝරියා අගමැතිවරයා කල සම්පූර්ණ ප්‍රකාශය පහතින් :

https://twitter.com/DanielAndrewsMP/status/1428881996848132108?s=20

https://twitter.com/DanielAndrewsMP/status/1428882161537470467?s=20

COVID 19 හමුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ගැන වෙනස්ම අනාවරණයක්

COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රට යන්න කලින් කළ යුතු දෙයක් ගැන ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුය දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි

අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

Read More »