සිඩ්නි CBD වෙත Uber ඇතුලු සියලු කුලී රථ පැමිණීම තහනම් – ඩොලර් ලක්ෂ ගණනින් දඩ

Lockdown විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට ලද ආරංචි හේතුවෙන් අද දිනයේදී සිඩ්නි CBD වෙත Uber ඇතුලු සියලු කුලී රථ පැමිණීම තහනම් කර තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ පොලිස් නිළධාරීන් 1500 ක් පමණ අද නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි.

පස්වරු 03 දක්වා පුද්ගලයන් රැගෙන ඒම තහනම් වන අතර මෙම නීති කඩ කරන්නෙකු වෙතොත් අදාළ කුලී රථ සමාගමට ඩොලර් ලක්ෂ 05 ක දඩ සහ අදාළ පුද්ගලයාට ඩොලර් ලක්ෂයක දඩයක් පැණවෙනු ඇති.

අත්‍යවශ්‍ය සේවා හෝ වෛද්‍ය අවශ්‍යතා සඳහා යන පුද්ගලයන්ට මෙම නියමයන් බල පැවැත්වෙන්නේ නැහැ.

සිඩ්නි වික්ටෝරියා පාර්ක් අසල මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බවටයි වාර්තා පළවන්නේ.

 

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »