ඉදිරියේදී දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලූ දෙනා වඩාත් කැපකිරීම් කිරීමට සුදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේ රටේ සියලූ දෙනාම පවතින බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවිය ජනාධිපතිවරයා කියාසිටියේ.
එබැවින් කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවයි ඊයේ රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කලේ.
මේ වනවිට වයස අවුරුදු 30 න් ඉහළ 98% කට පමණ කොවිඩ් පළමු මාත්‍රාව ලබාදී අවසන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කලේ.
43% ක් පමණ පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කියාසිටියා.
සැප්තැම්බර් 10 වනදා වනවිට අවුරුදු 30 ට වැඩි සියල්ලන් පූර්ණ එන්නත්කරණයට බලාපොරොත්තු වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලා.