මව මීටරයක් දුරින් සිටියදී දියණියට ලිංගික හිංසන කල වික්ටෝරියා යෝගා උපදේශකට සිර දඩුවම්

මව මීටරයක් පමණ දුරින් සිටියදී දියණියට ලිංගික හිංසනයක් කල වික්ටෝරියා ප්‍රාන්තයේ යෝගා උපදේශකවරයෙකුට සිර දඩුවම් නියම වී තිබේ.

Chandra Bhoga නම් 47 හැවිරිදි මොහු මෙල්බර්න් නගරයේ සිය නිවසේදී 2018 වසරේ ජූලි මාසයේදී මෙම අපරාධය සිදුකර තිබිණ.

තමන්ට ශ්වසන අපහසුතා ඇතැයි දැරිය පැවසීමත් සමග මව ට යෝගා අභ්‍යාස කිහිපයක් කිරීමට දී සැකකරු මෙම අපරාධය කර ඇතැයි සඳහන්.

මෙම තැනැත්තාට වසර 04 ක සිර දඩුවමක් නියමවී ඇති අතර සමාව ලැබීමට නම් අවම වශයෙන් මාස 19 ක් සිර දඩුවම් විඳිය යුතු වනවා.

මොහු දැනටමත් මාසයක සිර දඩුවම් ගෙවා අවසන්.

 

Pic – Facebook

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »