Parkville රිය අනතුරකින් මාස 20 ක බිළිඳෙකු ඇතුලු එකම පවුලේ 03 ක් මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

Parkville රිය අනතුරකින් මාස 20 ක බිළිඳෙකු ඇතුලු එකම පවුලේ 03 ක් මරුට

Parkville රිය අනතුරකින් මාස 20 ක බිළිඳෙකු ඇතුලු එකම පවුලේ 03 ක් මරුට

Parkville හිදී සිදුවූ රිය අනතුරකින් මාස 20 ක බිළිඳෙකු / 08 හැවිරිදි ගැහැණු ළමයෙකු සහ අවුරුදු 35 ක කාන්තාවක මියගොස් තිබේ.

Royal Melbourne Hospital අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව පුපුරායාම හේතුවෙනි.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව වික්ටෝරියා පොලිසිය තහවුරු කරයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ Cheltenham කාන්තාවක හා ඇයගේ දරුවන් දෙදෙනා වන අතර අනෙක් දරුවන් දෙදෙනා පාසලට ඇරලවා එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණ.

මෙම අනතුරත් සමග අසල Flemington Road තාවකාලිකව වසා දමා තිබූ බව පොලිසිය කියයි.