ගතවූ පැය 24 තුළ Lockdown රෙගුලාසි කඩ කල මෙල්බර්න් නාගරිකයන් 30 කට පමණ දඩ පත්රිකා ලබාදී තිබේ.
ප්රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසුවේ ඉන් 14 දෙනෙකුම නීති විරෝධී සාද 02 කින් වාර්තා වී ඇති බවයි.
දැනට පවතින නීතිය අනුව $1,817 දක්වා වන ස්ථානීය දඩයක් (On spot) නියම කල හැකිය.
පසුගිය සඳුදා දිනයේදී වික්ටෝරියා ප්රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින්ගෙන් තිදෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.
එමෙන්ම අදාළ ආසාදිතයින් 24 දෙනාගෙන් 10 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්රජාව තුළ සිටි බවද වාර්තා වේ.