කැබිනට් සංශෝධනය : සුව ඇමතිනී පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද,

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.

මේ අතර සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ පත්කර තිබේ.

ඒ දැනට ඔහු දරණ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධූරයට අමතරවය.

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »