Search

Lockdown රෙගුලාසි නොතකා මෙල්බර්න් සාදයක් පැවැත්වු පිරිසකට $350,000 ක දඩ

Lockdown රෙගුලාසි නොතකා මෙල්බර්න් ප්‍රාන්තයේ නීති විරෝධී අයුරින් රාත්‍රී සාදයක් පැවැත්වු පිරිසකට දඩ නියම කර තිබේ.

Mornington Peninsula හි සංවිධාන කර තිබූ මෙම සාදයට පුද්ගලයන් 1000 කට පමණ ආරාධනා කර තිබූ බවද සඳහන්.

ඒ පිළිබඳ තොරතුරු දැනගත් වහා එය නතර කිරීමට පියවර ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටියා.

සංවිධායකයන් 08 දෙනාට අමතරව හඳුනාගත් අනෙකුත් පිරිසටද දඩ නිවේදන නිකුත් කර ඇති අතර ඒවායෙහි මුලු වටිනාකම $350,000 ක් වනවා.

මෙම සාදයට පැමිණි ඇතැමුන් කිසිදු මුව ආවරණයක් නොමැතිව මත්පැන් පානය කරමින් සිට ඇති බවද වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා.

 

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »