වික්ටෝරියා නාගරික කලාපයේ දැනට ක්‍රියාත්මක Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කර තිබේ.
ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.
මේ අනුව ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 08 ට අවසන් වීමට නියමිතව තිබූ Lockdown තත්වය සැප්තැම්බර් 02 දක්වා දීර්ඝ කෙරේ.
එමෙන්ම අද සිට දිනපතා රාත්‍රී 09 සිට අලුයම 05 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පනවන බවද අගමැතිවරයා පැවසුවේය.
මෙම කාලය තුළදී හදිසිම අවශ්‍යතාවයකට හැර කිසිදු පුද්ගලයෙකුට නිවාසවලින් පිටතට යාම තහනම් වනවා.
අද රාත්‍රී 08 සිට තවත් දැඩි නීති බලාත්මක වන අතර හදිසි අවශ්‍යතා රැකියා බලපත් ක්‍රමයක් ද ඊට අයත්.
සියලු ක්‍රීඩාංගණ වහා වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 22 ක් වාර්තා විය.