වික්ටෝරියා තවත් ආසාදිතයින් 22 ක් / Lockdown නීති කඩා පැවති යුදෙව් සාදයක 02 කට කොවිඩ්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 22 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 205 කි.

ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 29,986 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 19,880 ක් ලබා දී තිබේ.

මේ අතර මෙල්බර්න් Lockdown නීති කඩකර පසුගිය සතියේදී පවත්වා ඇතැයි කියන සාදයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

විවාහ මංගල ලියාපදිංචි කිරීමක් වෙනුවෙන් පැවති මෙම සාදයේ දී මුව ආවරණ නොපැළඳ විශාල පිරිසක් එකම කාමරයක සිටින ආකාරයක් දක්නට ලැබේ.

මෙම උත්සවයට පැමිණි යුදෙව් ජාතික කාන්තාවක සහ ඇයගේ පුත්‍රයා කොවිඩ් ආසාධිත බවට තහවුරු විය.

එමෙන්ම පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් අදාළ සාදයට සහභාගී වී ඇති අතර එමගින් කිසියම් අයුරකින් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක්ද පවතී.

https://twitter.com/VicGovDH/status/1427035557394149379?s=20

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »