මෙල්බර්න් Dandenong ශ්‍රී ලාංකික අවන්හලක් ඇතුලු ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
Dandenong – Clow Street හි Colombo Impex අවන්හල මෙලෙස අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත.
පසුගිය සිකුරාදා රාත්‍රී 07.15 – රාත්‍රී 08 දක්වා කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයේ සිටි බව සඳහන්.
ඒ අනුව අදාළ කාලසීමවේ එම ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.
මෙල්බර්න් නගරයේ වාසය කරන සුවහසක් වන ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පතා ඔවුන්ට කරන දැනුම්දීමක් ලෙස මෙම තොරතුරු අනාවරණය කෙරේ.
අද පෙරවරුවේ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :