ලංකාවේ කොවිඩ් මරණ ගෝලීය කොවිඩ් මරණ ප්‍රතිශතය ඉක්මවයි

දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයකය.

නමුත් ශ්‍රී ලංකාවේ එම අගය සියයට 5ක් වැනි ඉහළ අගයක් ගැනීම වසංගතයේ දරුණුකම පෙන්වන කදිම සාධකයකි.

අගෝස්තු 11 හා 12 දින දෙක සැලකීමේදී ආසාදිතයින්ට සාපේක්ෂව කොවිඩ් මරණවල ප්‍රතිශතය සියයට 5ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

අගෝස්තු 6 වනදා වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයට අනුව එදින සිදුවී ඇති මරණ ප්‍රතිශතය සියයට 3.5 කි.

එම අගය 3.3ක්, 3.7ක්, 3.9ක්, 4.2ක් වශයෙන් ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මින් පැහැදිලි වෙයි.

ගෙවුණු දින 10 තුළ පමණක් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 1,130 ක් වාර්තා වී තිබේ.

එය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් පහෙන් එකක් වීම බරපතළ තත්ත්වයකි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »