ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට – ටස්මේනියාව ඉදිරියෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට – ටස්මේනියාව ඉදිරියෙන්

ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට – ටස්මේනියාව ඉදිරියෙන්

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

පසුගිය මාසයේදී එය සියයට 11 ක් ලෙස පැවති බවද මාසයකදී සියයට 14 කින් එම අගය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

ඊයේ දිනයේදී පුද්ගලයන් 270,000 ක් සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා ලබා දී තිබිණ.

එය මේ දක්වා ඔස්ටේ්‍රලියාව තුළ ලබා දී ඇති වැඩිම දෛනික කොවිඩ් මාත්‍රා අතුරින් එක් දිනයක්ද වනවා.

ප්‍රාන්තයක් ලෙස ගත් කල වැඩිම එන්නත්කරණ ප්‍රතිශතය ටස්මේනියාවෙන් වාර්තාවන අතර ප්‍රතිශතය සියයට 52.5 කි.