Powerball ජයමල්ල දිනා ඇත්තේ රැකියා අහිමිවූ Cleaner කෙනෙක්

වික්ටෝරියා ඉතිහාසයේ විශාලතම ලොතරැයි දිනුම එනම් Powerball jackpot ඩොලර් මිලියන 80 ක ජයමල්ල දිනාගෙන ඇත්තේ Lockdown සමයේ රැකියා අහිමිවූ පිරිසිදු කරන්නෙකු (Cleaner) විසින් බව තහවුරු වී තිබේ.

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු දෙදරු පියෙකි.

Lockdown තත්වයට පෙර තමන් විසින් නිවසක් මිළදී ගත් බවද රැකියාව අහිමිවීමත් සමග ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ බවද නම හෙළි කිරීමට අකමැති වූ මෙම තැනැත්තා සඳහන් කර තිබිණි.

මෙම මුදලෙන් පළමුව නිවසේ උකස ගෙවා අවසන් කිරීමටත් ලබාගෙන තිබූ සියලු ණය ගෙවා දැමීමටත් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

අනතුරුව දරුවන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුදල් යොදවන බවද ලොතරැයි ජයග්‍රාහකයා ප්‍රකාශ කලේය.

මෙම දිනුම සැළකෙන්නේ ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ 03 වන විශාලතම ලොතරැයි දිනුම ලෙසයි.

 

පෙර පුවත : Powerball jackpot ඩොලර් මිලියන 80 ක ජයමල්ල වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකුට

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »