අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීම හේතුවෙන් මෙල්බර්න් නගරයේ උප නාගරික ප්රදේශ 08 කට අවධානම් නිවේදන නිකුත් කර තිබේ.
එම ප්රදේශ වන්නේ
- Balwyn
- Camberwell
- Canterbury
- Mont Albert
- Surrey Hills
- Tarneit
- Truganina
- Williams Landing
පසුගිය 08 වනදා සිට 11 වනදා දක්වා කාලය තුල මෙම ප්රදේශවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කර කොවිඩ් පරීක්ෂණයකට යොමු වන ලෙසයි දන්වා ඇත්තේ.
ඊයේ දිනයේදී වික්ටෝරියා ප්රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 15 ක් හමුවිය.