Lockdown තත්වය හමුවේ බලපෑම් එල්ලවී ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර 100,000 කට පමණ මූල්‍ය ප්‍රතිපාදන හිමිවීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් වෙන්කර ඇති මුලු මුදල ඩොලර් මිලියන 367 කි.
වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය අතර ඇති කර ගත් එකගතාවයක් අනුව මෙම මුදල් ලබාදීමට නියමිතය.
එක් ව්‍යාපාරයකට ඩොලර් 10,000 ක උපරිමයකට යටත් වන ප්‍රදානයක් මෙහිදී හිමිවනු ඇත.
කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු මෙල්බර්න් නගරය Lockdown කෙරුණු 06 වන අවස්ථාව මෙයයි.