Search

එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීම හේතුවෙන් කැන්බරා දින 07 කට Lockdown

වසරකට වැඩි කාලයකට පසු එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීම හේතුවෙන් කැන්බරා අගනුවර ද ඇතුළත් ACT ප්‍රාන්තය දින 07 කට Lockdown කර තිබේ.

අද පස්වරු 05 සිට එය බලාත්මක වනු ඇති.

මෙම ආසාධිතයාට වෛරසය වැළඳුණු ආකාරය සහ ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

කොවිඩ් වසංගත තත්වය ආරම්භයෙන් පසු ACT ප්‍රාන්තයම Lockdown කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව රැකියා – සෞඛ්‍ය සේවා – එන්නත් ලබාගැනීම සහ ශරීර සුවතා යන අංශ 04 හැර වෙනත් කිසිදු කරුණකට පිටතට යාමට අද පස්වරු 05 සිට කැන්බරා නගරවාසීන්ට අවසර හිමිවන්නේ නැහැ.

කැන්බරා අග නගරයෙන් අවසන්වරට කොවිඩ් ආසාධිතයෙකු වාර්තාවී තිබුණේ පසුගිය වසරේ ජූලි 10 වනදායි.