Search

ලාංකික ද්‍රවිඩ පවුලේ බාලම දැරිය වෙනුවෙන් කල අභියාචනය ප්‍රතික්ෂේපයි

දැනට පිටුවහල් කිරීමේ අවධානමකට ලක්ව සිටින ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වෙනුවෙන් කල අභියාචනයක් සළකා බැලීම ඔස්ටේ‍රලියා මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

04 හැවිරිදි Tharnicaa Murugappan දැරිය වෙනුවෙන් පමණක් අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි නීතිමය ප්‍රතිපාදන පවතින්නේ.

ඒ ඇයගේ පියා – මව සහ වැඩිමහල් සොයුරිය යන 03 දෙනා වෙනුවෙන්ම මීට පෙර සිදුකල අභියාචනා ප්‍රතික්ෂේපවීම හේතුවෙන්.

ඒ අනුව තමන් දැනට රඳවා සිටින පර්ත් රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත් කර Biloela නගරය වෙත යොමු කරන ලෙස නවතම අභියාචනයක් ගොණු කර තිබුණා.

පසුගිය ජූනි මාසයේදී සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් මොවුන්ට මාස 03 ක bridging visa ලබාදී තිබුණේ ඉදිරි නීතිමය ගැටලු විසඳා ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ මෙම පියා සහ මව බෝට්ටු මගින් ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබූ අතර මෙරටදී විවාහ වීමෙන් පසු දැරියන් දෙදෙනා උපත ලබා තිබිණ.

පියා වන Nades හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුද වනවා.

මෙම පවුල පිටුවහල් කරන ලෙස වසර කිහිපයකට පෙර අධිකරණ නියෝගයක් ලැබී තිබුණද අවසාන මොහොතේදී එය වැළකී ගියේ මානව හිමිකම් සංවිධාන කල කරුණු දැක්වීම් හමුවේයි.

මෙම පවුල මීට මාස කිහිපයකට පෙර නැවතත් දැඩි කථාබහකට ලක්වූයේ බාලම දැරිය වන ක්‍රිස්මස් දූපතේ දී දැඩි ලෙස රෝගාතුරවීම හේතුවෙනුයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »