බීමත් ට්රෑම් රියදුරුකුගේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ පුවතක් වික්ටෝරියා ප්රාන්තයෙන් වාර්තා වේ.
Richmond හි Victoria Street සහ Hoddle Street අතර සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබුවේ 17 වියැති Aymen සහ ඔහුගේ 20 හැවිරිදි සහෝදරිය වන Acqua යි.
ඔවුන් පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබිණ.
පොලිසිය සිදුකල ඇල්කොහොල් පරීක්ෂාවේදී හෙළිවී තිබුණේ ට්රෑම් රියදුරා බීමත්ව සිටි බවයි.
Aymen ට ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමට සිදුවන අතර Acqua ගේ පාද 02 ටම දැඩි හානි සිදුවී තිබේ.
Yarra Trams විසින් මේ පිළිබඳ පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ සෑම ට්රෑම් රියදුරෙකුම සේවා මුරයට පෙර ඇල්කොහොල් පරීක්ෂණයකට යොමු කරන ලෙසයි.
Pic – 7News