NSW දෛනික වැඩිම ආසාධිතයන් ඊයේ / ආසාධිතයන් 356 යි – මරණ 04 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW දෛනික වැඩිම ආසාධිතයන් ඊයේ / ආසාධිතයන් 356 යි – මරණ 04 ක්

NSW දෛනික වැඩිම ආසාධිතයන් ඊයේ / ආසාධිතයන් 356 යි – මරණ 04 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත.

වයස අවුරුදු 80 ක් පමණ වන කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ඒ අතර වනවා.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 89 දක්වා වැඩි වේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනය තුළ පරීක්ෂණ 95,037 ක් සිදුකර ඇති අතර ආසාධිතයන්ගෙන් 209 ක් සමාජයේ සැරිසරා ඇතැයිද වාර්තා වෙයි.