හෙට සංගණනයේදී බොරු කිව්වොත් දඩය $ 2,200 යි

ඔස්ටේ්‍රලියාවේ ජන හා නිවාස සංගණනය හෙට (10) පැවැත්වෙන අතර ඊට සහභාගීවීම අනිවාර්යය.

අධ්‍යාපනය – රැකියාව – ආගමික ඇදහීම් – ආදායම – කථා කරන භාෂාව ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු රැස් කෙරේ.

අදාළ ප්‍රශ්නාවලියේදී අත්වැරදීමකින් වැරදි පිළිතුරක් සටහන් කලහොත් කිසිදු ගැටලුවක් උද්ගත නොවේ.

කෙසේවෙතත් සිතාමතා උපහාසාත්මක පිළිතුරු සටහන් කලහොත් ඩොලර් 2,200 ක දඩයකට යටත්වීමට ඔබට සිදුවේ.

මෙවැනි සිදුවීම් ගණනාවක් 2001 වසරේ පැවති සංගණනයේදීත් වාර්තා විය.

දැනටමත් ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 10 කට වැඩි පිරිසක් ඔන්ලයින් ක්‍රමයට සංගණනයට සහභාගී වී තිබේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »