Search

මෙල්බර්න් ගුවන් තොටුපළ අවධානම් ස්ථාන ලැයිස්තුවට

කොවිඩ් ආසාධිතයෙකු සිටි බවට තහවුරුවීම හමුවේ මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ Terminal 3 අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

පසුගිය සඳුදා සිඩ්නි සිට මෙල්බර්න් දක්වා පැමිණි වර්ජින් ගුවන් සමාගමේ VA808 ගුවන් වාරය සහ එදිනම මෙල්බර්න් සිට Launceston දක්වා ගමන් ගත් VA1364 ගුවන් වාරය ද අවධානම් තත්වයට නම් කර ඇත.

එම ගුවන් යානාවල ගමන් ගත් කිසිවෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

එමෙන්ම මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ Terminal 3 නම් කර ඇත්තේ Tier 03 ඝනයේ අවධානම් ස්ථානයක් ලෙසයි.

අගෝස්තු 02 වනදා පෙරවරු 08.35 සිට පෙරවරු 11.05 දක්වා එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමුවිය යුතු වනවා.

 

Pic – Google

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »