ජනප්‍රිය ගායන ශිල්පී ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ට කොවිඩ් වෛරසය වැළඳී ඇත.
ඔහුගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද ආසාධිතයන් බවට පත්වී තිබේ.
ඒ අනුව එක් දියණියක හැරුණු විට පවුලේ අනෙකුත් සියලුම දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට සුනිල් පෙරේරා ඇතුලු පිරිස රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට ඔක්සිජන් ලබාදීමද සිදු කෙරේ.