අද එනම් අගෝස්තු 03 වන අගහරුවාදා රාත්‍රී 12 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
මේ අනුව අද රාත්‍රියේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙත ඇතුලුවිය හැකි වනුයේ ප්‍රධාන කරුණු 06 ක් සඳහා පමණි.
එනම් වෛද්‍යමය කරුණු – අධ්‍යාපනය – රැකියා – ක්‍රීඩා අවශ්‍යතා – එන්නත ලබාගැනීම හෝ වෙනත් හදිසි අවශ්‍යතා සඳහායි.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඩෙල්ටා වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම මෙහි අරමුණ වී තිබේ.
මෙම රෙගුලාසි කඩකරන අය වෙතොත් ඔවුන්ට ඩොලර් 5452 ක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.
ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 199 දෙනෙකු සටහන් වී තිබිණ.
ඉන් 111 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය මේ දක්වා හෙළිවී නොමැත.
Pic – 9News