කොවිඩ් එන්නත ගන්නා සෑම ඔස්ටේ‍රලියානුවෙකුටම $300 බැගින් දෙන ලෙස ඉල්ලීමක්

කොවිඩ් එන්නත ලබාගන්නා සෑම ඔස්ටේ‍රලියානුවෙකුටම ඩොලර් 300 බැගින් ලබාදෙන ලෙස විපක්ෂ නායක Anthony Albanese රජයෙන් ඉල්ලා සිටී.

එමගින් වසංගතය පැතිරීම පාලනයට මෙන්ම තත්වයන් ඇතිවීමද වළක්වා ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ සඳහා ඩොලර් බිලියන 06 ක මුදලක් වෙන් කරන ලෙස Anthony Albanese ඉල්ලා සිටිනවා.

ලබන දෙසැම්බර් 01 වනදා වනවිට එන්නත් ලබාගන්නා සෑම අයෙකුටම මෙම මුදල ලබාදිය යුතු බවටද විපක්ෂ නායකවරයා යෝජනා කර සිටී.

වැඩිහිටි ජනගහණයෙන් සියයට 80 ක් එන්නත් කර අවසන් කිරීමේ මොරිසන් රජයේ ඉලක්කය සපුරාලීමට අසීරු කඩඉමක් බවයි Anthony Albanese පෙන්වා දෙන්නේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »