කොවිඩ්වලට අදාළව සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලිය හැකි App එකක් ලංකාවෙන්

කොවිඩ් -19 ට අදාළව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම් සමග බෙදා ගැනීම සඳහාත් මෙම යෙදවුම හරහා හැකියාව පවතී.

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය, ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් එය නිර්මාණය කර ඇත.

“කොවිඩ් -19 ට එරෙහි ස්මාර්ට් පලිහ” (Self Shield) නමින් මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇති අතර එය භාවිතයෙන් පරිශීලකයන්ට කොවිඩ්-19 වෛරසයට අදාළව තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ඒ අනුව ප්‍රමාදවීමකින් තොරව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඒ හරහා උපකාරී වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විනාඩි කිහිපයකින් තම සෞඛ්‍ය තත්ත්වය තනිවම පරීක්ෂා කර බැලීමේ හැකියාව මෙම යෙදවුම හරහා ලබාදී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://sshield.org/ හරහා ලබාගත හැකිය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »