Search

නීති කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් 03 දෙනාට දඩුවම් ස්ථිරයි – කෝටියක දඩ / වසරක තරග තහණමක්

එංගලන්ත තරග සංචාරයේදී රාත්‍රී කාලයේදී ඩරම් නගරයේ වීථි සැරිසරා විනය නීති කඩකල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක / නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට විනය කමිටුව නියම කල දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් කෝටිය බැගින් දඩයක් / වසරක ජාත්‍යන්තර තරග තහණමක් සහ මාස 06 ක දේශීය තරග තහණමක් ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම මෙම වසරක තරග තහනමෙන් පසුව වසර 02 ක් තුළ ඔවුන් යම් කිසි වරදක් සිදුකළහොත් ඉදිරියේදී තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

මේ අතර මෙම ක්‍රීඩකයින් 03 දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සේවයකටද ලක්වීමට සිදුවනවා.

මේ අතර ඉන්දියාවට එරෙහි පන්දුවාර 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ප්‍රසාද මුදලක් පිරිනැමීමටද ඊයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »