Search

ඉන්දියාවට එරෙහිව පළමුවරට ලංකාවට T20 තරගාවලි ජයක්

ඉන්දියාවට එරෙහිව පළමුවරට පන්දුවාර 20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ දෙරට අතර 03 වන පන්දුවාර 20 තරගය කඩුලු 07 කින් ජය ගනිමින්.

මේ අනුව තරගාවලි ජය 02 ට 01 ක් ලෙස හිමිවූයේ ශ්‍රී ලංකාවටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත්තේ ළකුණු 81 ක් පමණයි.

නායක ශිකර් ධවාන් ඇතුලු 03 දෙනෙකුම කිසිදු ළකුණක් ලබාගත්තේ නැහැ.

කුල්දීප් යාදෙව් නොදැවී 23 යි.

බුවනේෂ්වර් කුමාර් 16 කට දැවී ගියා. වනිඳු හසරංග ළකුණු 09 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 14 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

ධනංජය ද සිල්වා නොදැවී 23 යි.

මිනෝද් භානුක 18 ක් ද වනිඳු හසරංග නොදැවී 14 ක්ද රැස්කලා.

රාහුල් චහාර් ළකුණු 15 කට කඩුලු 03 යි.

තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ වනිඳු හසරංගයි.

ඔහුගේ උපන් දිනය ද ඊයේ දිනයට යෙදී තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »