ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු සඳහා හමුදා සහාය ලබගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තවෙමින් පවතින සිඩ්නි නගරයෙන් වාර්තාගත කොවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනාගැනීමත් සමඟ එම තිරණය ගෙන ඇත.
පවතින තත්වය හමුවේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරිමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා හමුදා සහාය ලබාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් පවත්වාගෙන යන සිඩ්නි නගරයේ වෙළඳසැල් වසා දැමීමට අද සිට පොලිසියට අවසර දී තිබේ.
ඉදි කිරීම් ස්ථාන ද මීට අයත් වනු ඇත.
Fairfield, Canterbury-Bankstown, Liverpool, Cumberland, Blacktown, Parramatta, Campbelltown සහ George’s River නගර සභා කලාප වල වැසියන්ට තම නිවසේ සිට කිලෝ මීටර් 5 කට වඩා ගමන් කිරීම තහනම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
එමෙන්ම මුව ආවරණ භාවිත නොකරන පුද්ගලයන්ගෙන් මේ දක්වා අයකල ඩොලර් 200 දඩය ඩොලර් 500 දක්වා ඉහළ නැංවීමටද NSW බළධාරීන් පියවර ගෙන ඇත.