සිඩ්නි Face-mask දඩය $500 දක්වා ඉහළට / වෙළඳසැල් වසා දැමීමට හෙට සිට පොලිසියට අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි Face-mask දඩය $500 දක්වා ඉහළට / වෙළඳසැල් වසා දැමීමට හෙට සිට පොලිසියට අවසර

සිඩ්නි Face-mask දඩය $500 දක්වා ඉහළට / වෙළඳසැල් වසා දැමීමට හෙට සිට පොලිසියට අවසර

සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් පවත්වාගෙන යන සිඩ්නි නගරයේ වෙළඳසැල් වසා දැමීමට හෙට (30) සිට පොලිසියට අවසර දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අද පැවති මාධ්‍ය හමුවකදී එය අනාවරණය කලාය.

ඉදි කිරීම් ස්ථාන ද මීට අයත් වනු ඇත.

එමෙන්ම මුව ආවරණ භාවිත නොකරන පුද්ගලයන්ගෙන් මේ දක්වා අයකල ඩොලර් 200 දඩය ඩොලර් 500 දක්වා ඉහළ නැංවීමටද බළධාරීන් පියවර ගෙන ඇත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 239 කි.