Search

සිඩ්නි තවත් සති 04 කට Lockdown / නිල නිවේදනය අද උදේ

සිඩ්නි නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇත.

ඊට අදාළ නිල නිවේදනය ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian විසින් අද නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 172 ක් හමුවූ අතර එය මෙම කොවිඩ් රැල්ලේදී එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණනයි.

සිඩ්නි නගරයේ අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කර විනාඩි 15 ක් ඇතුළත එහි ප්‍රථිඵළ ලබාගැනීමට හැකි අයුරින් සකස් කල යුතු බවටයි ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අදහස් පළවී ඇත්තේ.

එමෙන්ම 12 වන ශ්‍රේණියේ සිසුන්ද මීට සමගාමීව දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කල යුතු බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »