
Dandenong හිදී පසුගිය ඉරිදා නිවස ගිනි ගැනීමෙන් මියගිය 05 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.
Rithish Kirushnaneethan නම් මෙම දරුවා බේරා ගැනීමට තමන් දැරූ උත්සාහය පිළිබඳ මව වන Nadia ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වෙත කරුණු හෙළිකර ඇත.
ඔවුන් මෙම නිවසට පැමිණ ඇත්තේ පසුගිය සතියේයි.

නිවසට smoke alarm එකක් සවි කිරීම සඳහා ඇය විසින් ඇණවුමක් ලබාදී ඇත්තේ මෙම ඛේදවාචකය සිදුවීමට දින කිහිපයකට පෙරයි.
එහෙත් Lockdown තත්වය හමුවේ එය සවි කිරීමට දින කිහිපයක් ගතවිය හැකි බවයි අදාළ සමාගම පවසා ඇත්තේ.

දුමාරයක් දැණුනු වහා තමා දිවගොස් දරුවා බේරා ගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වූ බව Nadia වැඩිදුරටත් පවසා තිබේ.
Rithish Kirushnaneethan ගේ අවසන් කටයුතු සඳහා මේ වනවිට GoFundMe ඔස්සේ ඩොලර් 56,000 ක මුදලක් ද එක් රැස්වී ඇත.
Pic – 7News