
වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.
ඒ අනුව හෙට සිට පහත පරිදි සීමා කිරීම් හා අවසර ලබාදීම් සිදුවේ.
නිවසේ සිට ගමන් කල හැකි උපරිම දුර ප්‍රමාණයද ඉවත් වන අතර ඕනෑම දුරකට යා හැකිය.

පාසල් – විවෘත කිරීමට අවසර හිමි වේ
නිවාස වෙත අමුත්තන් ගෙන්වා ගැනීමට තවදුරටත් අවසර හිමි නැත. එහෙත් බාහිර හමුවීම් උපරිම 10 දෙනෙකුට සීමා කෙරේ

මුව ආවරණ – බාහිර / අභ්‍යන්තර සියලු කටයුතුවලදී තවදුරටත් සති 02 ක් සඳහා අනිවාර්යයි.
Gyms, hairdressers, cafes, pubs and restaurants – විවෘත කල හැකිය – ඇතුළත උපරිම 100 කි. බාහිර උපරිම 300 කි.
විවාහ / අවමංගල උත්සව සඳහා උපරිම 50 කට සහභාගී විය හැකිය.
අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල් වන රෙගුලාසි පිළිබඳ ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් නිකුත් කල සමස්ත නිවේදනය……
https://twitter.com/DanielAndrewsMP/status/1419824227776032773?s=20