ඊයේ ආසාධිතයන් 10 යි – වික්ටෝරියා Lockdown අවසන්වන ළකුණු – නිල නිවේදනය සුලු වේලාවකින්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අවසන්කිරීම සම්බන්ධයෙන් තවත් සුභවාදී ළකුණක් පළකරමින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු පමණක් වාර්තා වී තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මේ අනුව අඛණ්ඩව 03 වන දිනයටත් ප්‍රාන්තයෙන් ආසාධිතයන්ප වැඩිවීමක් හෝ අවධානම් ස්ථාන නම් කිරීමක් සිදු නොවීම විශේෂත්වයක්.

මේ අතර වික්ටෝරියා තත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් තව ස්වල්ප වේලාවකින් නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »