
Lockdown හමුවේ බලපෑමට ලක්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර වෙනුවෙන් සහන දීමට තවත් අමතර ඩොලර් මිලියන 282.5 ක මුදලක් වෙන් කර තිබේ.
Industry and Support විශය භාර ඇමති Martin Pakula නිවේදනය කලේ Lockdown තත්වය දීර්ඝ කිරීමත් සමග මෙම පියවර ගත් බවයි.
මේ අනුව ව්‍යාපාර සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෙන් කර ඇති සමස්ත මුදල ඩොලර් මිලියන 484 දක්වා ඉහළ යනු ඇත.

දැනටමත් ව්‍යාපාර 86,000 ක් සඳහා ඩොලර් 3000 බැගින් වන දීමනා සපයා අවසන් බවද Martin Pakula සඳහන් කලේය.
මීට පෙර දීමනා ලබාදීමේදී සුදුසුකම් නොලැබු ආයතන සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව පවතින බවද ඔහු පැවසීය.

පසුගිය වසරේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර වෙනුවෙන් ලබාදී ඇති මුලු මුදල ඩොලර් බිලියන 07 කට ආසන්න බවද Martin Pakula සඳහන් කලේය.