NSW ප්‍රාන්තයෙනුත් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – Lockdown තත්වය දීර්ඝ වන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාන්තයෙනුත් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – Lockdown තත්වය දීර්ඝ වන ළකුණු

NSW ප්‍රාන්තයෙනුත් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – Lockdown තත්වය දීර්ඝ වන ළකුණු

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 124 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙම කොවිඩ් රැල්ලේදී එක් දිනයකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් ගණන එයයි.

මින් 48 දෙනෙකු වෛරසය ආසාධනය වී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි තහවුරු කරගත් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කලාය.

පසුගිය ජූනි 16 වනදා සිට මේ දක්වා කාලය තුළ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 1648 දෙනෙකු සහ මරණ 05 ක් වාර්තා වී ඇත.

පවතින තත්වය සළකා ලබන 30 වනදායින් අවසන්වීමට නියමිත Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවද අගමැතිනිය කියාසිටියා.

 

pic – 7 news