ඉන්දීය ජාතික වයෝවෘද්ධ කාන්තාවක වසර 08 ක් පුරා වහල් මෙහෙකාර සේවයේ යෙදවූ ද්‍රවිඩ ජාතික යුවළට මෙල්බර්න් අධිකරණයක් සිර දඩුවම් නියම කර තිබේ.
මෙලෙස සිර දඩුවම් නියම වූයේ Kumuthini Kannan (53) සහ ඇයගේ සැමියා වන Kandasamy (57) යන අයටයි.
Kumuthini ට වසර 08 ක සිර දඩුවමක්ද ඇයගේ සැමියා වන Kandasamy ට වසර 06 ක සිර දඩුවමක්ද නියම විය.
Mount Waverley හි සිය නිවසේ අදාළ කාන්තාව රඳවා තබාගෙන අසීමිතව සේවයේ යෙදවීමයි මෙම යුවළට එරෙහි චෝදනාව වන්නේ.
2015 වසරේදී ඉන්දීය ජාතික වයෝවෘද්ධ කාන්තාව සොයා ගන්නා විට ඇයගේ බර කිලෝ 40 ක් පමණ දක්වා අඩුවී තිබිණ.
මෙම යුවළ ඇයට දිනයකට ගෙවා ඇත්තේ ඩොලර් 03 ක් පමණ ඉතා අඩු වැටුපකි.