
රටවල් 11 සහභාගිත්වයෙන්, පැවැත්වෙන Talisman Sabre යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීමට පැමිණි චීන නෞකාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔත්තු බැලීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත අදාළ චීන නෞකාව අන්තර්ජාතික මුහුදේ තස්මේනියාවට ආසන්න ප්‍රදේශයට පැමිණ ඇති බවයි.
එම නෞකාව සහ එහි කටයුතු පිළිබදව තමන් පුලුල් ලෙස අවධානය යොමු කර නිරීක්ෂණ සිදුකරන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.

වාර්ෂිකව ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව එක්ව තස්මේනියාවට නුදුරැ මුහුදේ සිදුකරන Talisman Sabre යුද අභ්‍යාසය සම්බන්ධයෙන් මෙවර සමස්ත ලෝකයේම විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ අදාළ රටවල් දෙකට අමතරව තවත් රටවල් නවයක් විවිධාකාරයෙන් ඊට සම්බන්ධවීම හේතුවෙන්.

කැනඩාව ,බ්‍රිතාන්‍යය , නවසීලන්තය ,දකුණු කොරියාව, සහ ජපානය යන රටවල හමුදා මෙවර යුද අභ්‍යාසයට එක්ව සිටිනවා.
ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලධාරීන් සදහන් කළේ ඉන්දියාව ,ඉන්දුනීසියාව, ජර්මනිය සහ ප්‍රංශයේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ද මෙවර යුද අභ්‍යාසයට නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ වන බවයි.
මෙි හේතුවෙන්, මෙවර Talisman Sabre යුද අභ්‍යාසය ඉන්දු පැසිෆික් කලාපයේ දේශපාලන උණුසුම ඉහළ නංවන තත්වයක් මතු කර ඇති බව විදෙස් නිරීක්ෂකයන් සදහන් කරනවා.